වීසා වංචාවට සම්බන්ධ සේවකයින් 04 දෙනා ගැන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් පැහැදලි කිරිමක්

September 16, 2020 at 7:18 PM

වීසා වංචාවන්ට සම්බන්ධ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවය පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

එම වංචාවට සම්බන්ධ සේවකයින් සිව්දෙනා මෙම වසරේ ජූලි මාසයේ සිට සේවය අත්හිටුවා ඇති බවත් ඔවුන් මේ වන විට ගුවන් සේවයේ කිසිදු කටයුක්තකට සම්බන්ධ නොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය අවධාරණය කර සිටියි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙයට අදාල සියලු නීතිමය කටයුතු  සිදුකරන ආයතන වෙත සිය පූර්ණ සහයෝග ලබා දෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.