වමරට විවනෝදාස්වාද කවෂ්ත්‍රයට නව ජීවයක ලබාවදමින් ඩයවලාග් Dream Music Fest සඳහා දායක වවයි

September 16, 2020 at 2:31 PM

කොවිඩ් – 19 න් පසු මෙරට සංගීතලෝලීන්ට විවෘත පරිසරයක අසුන්ගෙන නැරඹිය හැකි පළමු ප්‍රාසාංගික අත්දැකීම වූ Dream Music Fest with Dialog අගෝස්තු 23 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, කොවිඩ් – 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අනුගමනය කිරීමට සිදුවූ සමාජ දුරස්ථභාවයට අදාළ ආරක්ෂිත පියවර හේතුවෙන් අඩපණ වූ මෙරට විනෝදාස්වාද ක්ෂේත්‍රය යළි පණගැන්වීමට සහායවීම උදෙසා මෙම ප්‍රසංගය පැවැත්විණි.

මෙම අපූර්ව සංගීත සන්ධ්‍යාවේදී විවිධ ශෛලීන් අනුගමනය කරන කලා ශිල්පීන්ගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් මෙන්ම පෙරදිග හා අපරදිග සංගීතයේ මනා සුසංයෝගයට තම නිර්මාණශීලී හැකියාවන් මුසු කරන ගායක ගායිකාවන්, සංගීතඥයන්ගේ සහ  සංගීත කණ්ඩායම් හි අපූර්ව නිර්මාණ විඳගැනීමේ දුර්ලභ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවූ අතර, විවිධ රසඥතාවන්ගෙන් සහ  වයස් කාණ්ඩයන්ට අයත් ප්‍රේක්ෂකයන්ගේ සංගීත රැචිකත්වය හඳුනන සුප්‍රකට ජ්‍යෙෂ්ඨ සහ නව පරපුරේ ගායක ගායිකාවන් වන සුනිල් පෙරේරා, භාතිය සහ සන්තුෂ්, රන්දීර් විතාන, උමාරා සිංහවංශ, කෙවින්ද අල්මේදා, කසුන් කල්හාර, ආත්මා ලියනගේ, සමිතා මුදුන්කොටුව, සංඛ දිනෙත්, සනුක වික්‍රමසිංහ, ලහිරු පෙරේරා, රිද්ම වීරවර්ධන සහ ධනිත් ශ්‍රී සිය මියුරු සුගායනයන් එක් කළ අතර, දිවයිනේ ජනප්‍රිය DJ ශිල්පීන් සහ වාදකයන්ගේ නිර්මාණශීලී කුසලතාවන්ගෙන් ප්‍රසංගය වර්ණවත් විය. තවද Dream Music Fest with Dialog ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් වන මහේෂ් දෙනිපිටිය ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්, නාද, මිස්ටි, ඉන්ෆිනිටි යන සංගීත  කණ්ඩායම්  එක්ව සිටි අතර,  නාද රටා කණ්ඩායම් වන එලිෆන්ට් ෆුට්, බීට් ඩ්‍රමර්ස් සහ නාද්‍රෝ යනාදී කණ්ඩායම්වල දායකත්වයද හිමිවිය.

මෙම උත්සවය සංවිධාන කළ උත්සව කළමනාකරණ සංවිධානය විසින් සමාජ දුරස්ථභාවය සහ මහ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතබව රැකගැනීමට ගත යුතු සෑම පියවරක්ම අනුගමනය කරමින් ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කරන ලදී.

‘Dream Music Fest with Dialog’ ප්‍රසංගය සැප්තැම්බර් 20 වෙනිදා ප.ව. 1 සිට ටීවී දෙරණ ඔස්සේ සම්පූර්ණයෙන්ම නැරඹිය හැක.