හැටන් හි පොලිස් නිලධාරීන් රැසකට PCR පරීක්ෂණ සිදුකරයි

September 9, 2020 at 2:48 PM

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන අටක පොලිස් නිලධාරින් අද (09) දින හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පි.සි.ආර් පරික්ෂණයට ලක් කොට තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලයේ වසංගත රෝග අංශයෙන් මෙම පි.සි.ආර් පරික්ෂණය සිදු කරන ලදි.

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් හැටන්, වටවල, ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ්, නල්ලතන්නිය, මස්කෙලිය, නොර්වුඩ්, බගවන්තලාව යන පොලිස් ස්ථාන වල නිලධාරින් ඔහුන්ගේ රාජකාරි වලට බාධාවක් නොවන අයුරින් මෙම පි.සි.ආර් පරීක්ෂණ සදහා යොමු කෙරුණා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය මගින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිත ස්ථාන කිහිපයකම රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවය කරන සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් පි.සි.ආර් පරික්ෂණයට මේ වන විට භාජනය කර ඇත.