යුපුන් අබේකෝන් බිඳ දැමු දකුණු ආසියානු මීටර් 100 වාර්තාව

September 9, 2020 at 10:47 AM

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මළල කී‍්‍රඩා තරගාවලයේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්ය.