ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙමින් පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී පවතිනවා. ග්‍රෑන්ඩ්පාස්, මාළිගාවත්ත, වෝඩ් පෙදෙස, බේස්ලයින් මාර්ගය සහ තුන්මුල්ල යන ප්‍රදේශවල මාර්ගයන් මෙලෙස ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයට රත්මලාන ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රියන්හි යම් ප්‍රමාදයක් ඇතිවෙනු ඇති බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටිනවා.
මේ අතර දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අද දිනයේදී වැසි ඇද හැලෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ.
