මගේ අත්වල ලේ නැහැ : දරුවෝ 04 දෙනෙක් මට ඉන්නවා – දිවුරුම් දුන් චොකා මල්ලි කියයි

September 9, 2020 at 3:06 AM

තමන්ගේ අත්වල ලේ හෝ කුණු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පවසනවා. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

“මට දිවුරලා කියන්න පුළුවන් මම දේශපාලන වශයෙන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ. දේශපාලනයේදී බහින් බස් වීම වෙන්න පුළුවන්. 2001 සිට 2020 දක්වා සියලුම මැතිවරණ මම ජයග්‍රහණය කළා. අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න අපෙන් පළි ගන්න කටයුතු කළා.

නොකරපු වරදට දඬුවම් ලබාදුන්නා. දුමින්ද සිල්වා නඩුවේදි කටයුතු කරපු ආකාරය අපිට පෙනුනා. හඬ පට තිබෙනවා. මේක අපරාධයක්, මම එහෙම කළේ නෑ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික් ජනතාව මා ගැන විශ්වාසය තබා තිබෙනවා.” මන්ත්‍රීවරයා කියා සිටියේ.