නිරෝදායනයට යැවු මත්ද්‍රව්‍ය ජාවරම්කරිය බන්ධනාගාරයේ වහලේ කඩා ගෙන පැන යයි

September 9, 2020 at 8:43 AM

කළුතර – උතුර සිරිලන්ද බන්ධනාගාරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක් පළාගොස් තිබෙනවා. හෙරොයින් අලෙවි කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ රඳවා තබා සිටි කාන්තාවක් සිර ගෙදර සිවිලිම කඩා වහලයට නැග තාප්පයෙන් පැන ඊයේ සවස 4.30 ට පමණ පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 01වැනිදා තී‍්‍රවිල් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 7 ක් තිස්සේ ප‍්‍රශ්න කිරීමෙන් පසුව මෙම කාන්තාව සහ සැකකරුවන් දෙදෙනකු පෙරේදා කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පානදුර අළුබෝමුල්ල පදිංචි තම්බිගේ දිනේෂා සුභාෂනි නමැති මෙම සැකකාරිය හෙරොයින් ග‍්‍රෑම් 3 යි මිලි ග‍්‍රෑම් 100 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණා. කළුතර බන්ධනාගාරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිර මැදිරියක ඇයව දුම්බර බන්ධනාගාරයට රැගෙන යෑමට මෙසේ රඳවා සිටි බවයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ.

සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත්තේ මෙම සැකකාරිය තාප්පයෙන් පැන තී‍්‍රවිල් රථයක නැගී පළා ගොස් ඇති බවයි.