ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් මෑතකදී හඳුන්වාදුන් “ක්‍රිබ් ස්කොර්” ක්‍රමය යටතේ ඔබට ඉතා පහසුවෙන් ණය මුදලක් ලබා ගැනීමට හැකිද යන්න පිළිබඳව දැන ගැනීමට දැන් අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ සඳහා ණය තොරතුරු කාර්යාංශයට පැමිණීමෙන් හෝ තමන් ගනුදෙනු කරනු ලබන බැංකුව හරහා අදාළ වාර්තාව මුදල් ගෙවා ලබා ගත හැකි වන අතර අන්තර්ජාලය ඔස්සේද අදාළ වාර්තාව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇති බවයි එම කාර්යාංශය නිවේදනය කර සිටින්නේ.

