ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොමු කළ බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කර සිටිනවා.
මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නෞකාවට වී ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිරීක්ෂක නිලධාරීන් තිදෙනෙකු අද එම නෞකාවට ගොඩවූ බවයි.
අම්පාර, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 30ක් දුරින් ඊයේ දිනයේදී පැවති නෞකාව ඒකාබද්ධ ආපදා කළමනාකරණ මෙහෙයුම් කණ්ඩායම් විසින් අද වන විට නාවික සැතපුම් 40ක් දක්වා දුරකට රැගෙන යාමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මේ අතර නෞකාවේ සිට කිලෝමීටරයක් දුරින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර ඇති අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක බලකායේ ඩ්‍රෝනීය ගුවන් යානා මගින් විශේෂ රසායනික ද්‍රව්‍යයක් ඉසිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. ආපදාවට පත් නෞකාවේ බොරතෙල් තෙල් සංචිතයන්ට ගින්න පැතිරයාමේ හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් මේවන තෙක් පැන නැගී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
