කොරෝනා කාලේ කුකුළු කෑම නැති නිසා කුකුළන් විකිණීම නිසා බිත්තර මිල ඉහළ ගියා – රාජ්‍ය ඇමති

September 9, 2020 at 3:21 PM

කොරෝනා කාලයේදී කුකුළු කෑම නොමැති වීමත් ඇතැම් බිත්තර නිෂ්පාදකයින් කුකුළන් විකිණීම නිසාත් බිත්තර මිල ඉහළ ගිය බව පශූ සම්පත්, ගොවිපොළ ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර රාජ්‍ය ඇමැති ඞී.බී. හේරත් පවසනවා.

බිත්තර මිල ඉහළ යෑම නිසා ආනයනය කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියේ බිත්තර ආනයනය කිරීම කිසිසේත් සිදු නොකරන බවයි.

බිත්තර නිෂ්පාදකයා සහ බේකරි හිමියා අතර සිටින අතරමැදියන් නිසාත් මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී බිත්තර නිෂ්පාදකයාගෙන් බේකරි හිමියාට බිත්තර සෘජුවම ලැබෙන වැඩ පිළිවෙළක් සකස් කීරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර සිටියා.

මේවන විට අඩාල වී තිබූ වෙළෙඳ පොළට බිත්තර සැපයීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් ඒ අනුව ඉදිරීයේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවත් බිත්තරයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 14 ක් ලෙස රජය නියම කර ඇතැයි ද මෙහිදී ඇමතිවරයා සඳහන් කර සිටියා.