අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියාගේ සිරුර නිවසින් හමුවෙයි

September 9, 2020 at 11:20 PM

“ද අයිලන්ඩ්” පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ සැකි ජබ්බාර් ඔහුගේ නිවසේදී ජිවිතක්ෂයට පත්ව සිටියදී හමුවී තිබෙනවා.

ඔහු සේවය කළ පුවත්පතේ සමකාලීන මාධ්‍යවේදීන් තහවුරු කර කියා සිටියේ සැකි ජබ්බාර් පසුගිය දින කිහිපය පුරාවට සේවයට නොපැමිණි බවයි.

තලංගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ තනිවම ජිවත්ව සිට ඇති ඔහු පිලිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් පවුලේ ඥාතීයෙකු එම නිවසට ගොස් පරික්ෂා කර බැලීමේදී ඔහු මියගොස් ඇති අයුරු දැක තිබෙනවා.

මාධ්‍යවේදී සැකි ජබ්බාර් ගේ මරණයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත.