අටලුගමදී පොලිසියට ප්‍රහාරයක්

September 9, 2020 at 1:34 PM

බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රදේශයේ ගංජා අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු මත පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යළි පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටින අතරවාරයේ ගම්වාසීන් විසින් පොලිස් ජිප් රථය හරස් කර පොලීසියට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කර තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා තිබෙනවා.