අබුඩාබි පිපිරීමෙන් දිවිගමනට සමුදුන් ” සමිත්”

September 2, 2020 at 10:24 AM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පසුගිය අගෝස්තු 31 වෙනිදා අවන්හලක් තුල සිදුවූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එහි පිහිටි KFC අවන්හලේ සේවය කළ මාතර දිස්ත්‍රික්කයේ පදිංචි සමිත් රංගන නම් අයෙක් බවයි ඩුබායි හි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉකුත් සඳුදා දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි සහ එහි සංචාරක කේන්ද්‍රස්ථානය වන ඩුබායි හි සිදු වූ ගෑස් පිපිරීම් දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සහ ප්‍රාදේශීය මාධ්‍ය පවසනවා.

මෙම පිපිරීමෙන් නගරයේ රෂීඩ් බින් සයීඩ් වීදියේ පිහිටි KFC සහ හාඩීස් අවන්හල් හා තවත් වෙළඳසැල් කිහිපයකටද හානි සිදුවුණා.