ආනවිලුන්දාවේ කිසිම පරිසර හානියක් වෙලා නැහැ : මම ඇස් දෙකෙන්ම දැක්කා – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

September 1, 2020 at 7:50 AM

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

පුත්තලම දංකොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“ඊයේ උදේ ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා. සමාජ ජාලවල යන ආනවිලුන්දාවේ පළහිලවට ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? කියලා. මම ජනාධිපතිවරයාට දුන් උත්තර මගේ කිසි සම්බන්ධයක් නැහැ. මගේ වචනෙකින් හරි සම්බන්ධ නම් දඬුවමට සූදානම්. මෙය මා විසින් හෝ මගේ කෙනෙකු කළ දෙයක් නොවෙයි. හැබැයි මගේ ගම්වැසියෙක් කරපු දෙයක්. මේ සිදුවෙලා තියෙන කාරනය සම්බන්ධයෙන් මම ස්ථානීය පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් ම මම දැක්කා. මෙහි කිසිදු පරිසර හානියක්වෙලා නැහැ,” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.