විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස අවුරුදු 18 කරන්න : පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු ගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

August 27, 2020 at 9:59 AM

නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (26) දිනයේ දී අදාළ යෝජනාව පාර්ලිමේන්නතු මහ ලේකම් ධමිමක දසනායක වෙත භාරදුන් බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ.

විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස් සීමාව ලෙස අවුරුදු 18 ප්‍රකාශයට පත් කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කුමන ජාතියක වුවද එක හා සමාන අයිතිවාසිකම් දරුවන්ට ලබා දිය යුතු බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, මෙම නීතිය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කිරීමට අවශ්‍ය බව ද සඳහන් කර සිටියා.