නෙළුම් කුළුණට දියසෙන් රොබෝවරු 15ක්

August 27, 2020 at 8:30 AM

මෙරට නිෂ්පාදනය කරන දියසෙන් නමැති රොබෝ යන්ත්‍ර 15ක් නෙළුම් කුලුන පරිශ්‍රයේ කටයුතු සඳහා ඇණවුම් කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ප්‍රකාශ කර සිටිනවා.

පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමේ අරමුණින් නිෂ්පාදනය කරනු ලබන මෙම රොබෝ යන්ත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වනවිට නෙළුම් කුලුන පරිශ්‍රයේ කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ.

මෙම රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කරන්නේ ඇරිමැක් ඩිජිටල් සමාගම විසිනි.

( මුලාශ්‍ර : අරුණ පුවත්පත )