ජනප්‍රිය බැංකු ඇප් සියල්ල දැන් Huawei  App Gallery හරහා ක්ෂණිකව

August 27, 2020 at 10:32 AM

දැනට වෙළඳපොල තුල ඇති අනෙක් ජංගම දුරකථන අභිබවා යමින් හුවාවේ සමාගම විසින් පරිශීලකයන්ගේ දත්ත වලට ඉහල ආරක්ශාවක් සැලැසෙන පරිදි privacy-by-design search engine  තත්ව පාලනයන් අනුගමනය කරමින් Huawei  App Gallery ඇප් වෙලඳපල හඳුන්වා දී තිබෙන බව සැවොම දන්නා කරුණක් වන අතර එහි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යටතේ දැනට මිලියනයකට වඩා වැඩි ඇප් නිර්මාණකරුවන් විසින් මිලියන 1.2කට වඩා වැඩි ඇප් සංඛ්‍යාවක් එකතු කර ඇති නිසා මේ වනවිට රටවල් 170 ක් පුරා විසිරි සිටින පරිශීලකයන් මිලියන 390 කට වඩා වැඩි පිරිසක් මසකට Huawei  App Gallery  භාවිතා කරනවා.මේ කරුණු නිසා ලොව තෙවන විශාලතම ඇප් වෙලඳපල බවටද ඉතා කෙටි කලකින් පත්වීමටද Huawei  App Gallery  එකට හැකියාව ලැබි තිබෙනවා.

මේ ආකාරයට ලොව පුරා ප්‍රචලිත වී ඇති හුවාවේ සේවාවන් මේ වන විට ශ්‍රී ලංකාව තුලද වේගයෙන් තම පරිශීලකයන් වැඩි කරගන්නා බවක් පෙන්වන අතර එයට හොඳම උදාහරණයක් ලෙස Huawei  App Gallery භාවිතයට ශ්‍රී ලංකාවෙන් මේ වන විට පරීශීලකයන් 100,000කට වඩා වැඩි ප්‍රමාණයකගේ දායකත්වය ලැබෙන බව සඳහන්.මෙසේ ඉතා කෙටි කලකින් දේශීය පරිශීලකයන් මෙතරම් ප්‍රමාණයක් Huawei  App Gallery තුලට ඒමට ප්‍රධාන හේතුවක් ලෙස දේශියව ජනප්‍රිය ඇප් සියල්ල පාහේ Huawei  App Gallery තුලින් පහසුවෙන් ලබාගැනීමට හැකිවීමයි.උදාහරණ ලෙස PickMe, daraz.lk , singer , ikman.lk , HiruStar , Kolamba Kotas Weladapola , Mobitel , Mcash, Datamart , Helakuru in Sinhala යනාදිය ලෙස ඇප් ගණනාවක් දැක්විය හැකියි. නමුත් එයින්ද පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් නිතිපතා භාවිතා කරන බැංකු කටයුතු කරන ඇප් සියල්ල පාහේ බාගත කරගැනීමට ඇති හැකියාව විශේෂයෙන් අවධානය යොමුකල යුතු කරුණක්.

 

එම බැංකු ඇප් අතරට සම්පත් බැංකුව, මහජන බැංකුව , ලංකා බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යනාදී ලෙස බැංකු ගණනාවක් අයත් වන අතර මෙනිසා හුවාවේ පරිශිලකයන්ට තමන්ට කැමති බැංකු ඇප් භාගත කර ඒ ඒ බැංකු ඇප් එකට අදාල බැංකු සේවාවන් ලබාගැනීමේ හැකියාව මේ අනුව ලැබී තිබෙනවා. privacy-by-design search engine තත්ව පාලනයන් අනුගමනය කරමින් කටයුතු කරන නිසා බැංකු කටයුතුවලට බාගත කරගන්නා ඇප් විශ්වාසයකින් යුතුව Huawei  App Gallery හරහා ලබාගත හැකි සේම  වර්ථමානයේ පවතින Covid 19 වසංගත තත්වය යටතේ හූවාවේ ජංගම දුරකථන භාවිතා කරන පරිශීලකයන්ට සුරක්‍ෂිතව බැංකු ඇප් බාගත කර බැංකුවට නොගොස් නිවසේ සිටම තම බැංකු කටයුතු කරගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත.පහත දක්වා තිබෙන්නේ එක් එක් බැංකුවට අදාල ඇප් Huawei  App Gallery හරහා බාගත කරගන්නා ආකාරයයි