හෙරොයින් කිලෝ 42ක් සමග අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට

August 26, 2020 at 4:49 PM

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 42ක්, ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා ඩුබායි රටට පළා යෑමට තැත් කිරීමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මෙම වැටලීම සිදුකොට තිබෙනවා.

T-56 වර්ගයේ ගිනිඅවි 03ක්, පතොරම් 170ක් සහ මිලිමීටර 09 වර්ගයේ පිස්තෝලයක් සමග රුපියල් කෝටි 42ක් පමණ වටිනා හෙරොයින් වැටලීමේ දී සොයා ගෙන ඇත.

මෙම ගිනි අවි සහ මත්කුඩු අංගොඩ ලොක්කාට අයත් බවයි අනාවරණය වී ඇත්තේ.