විදුලිය බිඳ වැටීම ගැන සෙවූ කමිටු වාර්තාවෙන් හෙළිවූ කරුණ

August 26, 2020 at 8:51 AM

දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමට හේතුව කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ සේවකයෙකුගේ අත්වැරදීමක් බව තහවුරු වී තිබෙනවා. ඒ බව තහවුරු වී තිබෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව කළ විමර්ශනවලදී.

විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ග්‍රීඩ් උප පොළේ ඇතිවූ බිඳ වැටීම නොරොච්චොලේ බලාගාරයට බලපා ඇති බවයි. ඒ හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටීම හමුවේ, මෙම තත්ත්වය ඇතිවූ බව විමර්ශන කමිටුව හෙළි කරගෙන ඇතැයි, එම නිලධාරියා අනාවරණ කළේ.

කෙසේ වෙතත් යළි එවැනි සිද්ධියක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ද අදාළ වාර්තාවේ සඳහන් බව, අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියා පෙන්වා දෙන අතර දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතයි.