එක්සත් ජාතික පක්ෂයේ තීරණ ගැනීම යලි කල් යයි

August 26, 2020 at 7:32 AM

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය පවසනවා.

එම තීරණයට එළඹ ඇත්තේ ඊයේ (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.

පක්ෂ නායකත්ව අභියෝගය භාරගැනීමට සූදානම් යැයි හිටපු කථානායක කරු ජයසූරිය විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු කළ බව වාර්තා වන්නේ.