අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

August 26, 2020 at 7:38 AM

හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

එහි දී සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වෙන බව සඳහන්.