අත් කරත්තයක් සොරා ගත් කෝටිපති යාචකයා පොලිසියට මාට්ටු වෙයි

August 25, 2020 at 10:45 AM

කොච්චිකඩේ පල්ලිය අසල හිඟමනේ යෙදී සිටියදී අත් කරත්තයක් සොරකම් කිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු කෝටිපතියෙකු බවට හෙලිවීමේ පුවතක් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

මහරගම, පමුනුව ප්‍රදේශයේ පදිංචි මෙම යාචකයා 64 වීයේ පසුවනවා.

මෙම කෝටිපති යාචකයාට සුඛෝපභෝගී දෙමහල් නිවසක් තිබෙන අතර එහි ඔහුට අයත් වැගන් ආර් මෝටර් රථයක් සහ තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් ද තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම යාචකයා සිය නිවසේ ඉහළ මහල රුපියල් 30.000 ක මාසික කුලියකට ලබාදී තිබෙන අතර ඔහු හිඟමනෙන් දෛනිකව රුපියල් 5,000 ක ආදායමක් ද උපයා ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළිව ඇත.

කොළඹ, ජම්පටා වීදියේ ගාල් කොට තිබු රුපියල් 20,000 ක් වටිනා පලතුරු පටවා තිබු අත් කරත්තයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබීමෙන් පසු පොලිසිය විසින් මෙම පුද්ගලයා පසුගිය ඉරිදා අත්අඩංගුවට ගැනුණේ සීසීටීවී කැමරා පටයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.