ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිගේ නියෝජිතයා ලෙස ඇමති මහින්දානන්ද නම් කරයි

August 25, 2020 at 10:25 PM

ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් කෘෂි කර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත් කොට තිබෙනවා.

සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ පත් කිරිම සම්බන්ධයෙන් වූ ලිපිය තමන්ට ලැබී ඇති බවයි.

“ජනාධිපති ⁣ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් එතුමන්ගේ විශේෂ නියෝජිතයා වශයෙන් මා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති අතර එහි වගකීම මා විශ්වාසවන්තව හා නිවැරදිව රට වෙනුවෙන් ඉටුකරන බවට ප්‍රකාශ කරමි..” ඇමැතිවරයා සඳහන් කළේය.