මිලියන 100ක් වටිනා හෙරොයින්, ගිනි අවි 04ක් සමග පොඩි ලැසිගේ ගෝලයෙක් CID අත්අඩංගුවට

August 25, 2020 at 7:23 PM

ගාල්ල රත්ගම සහ තෙල්වත්ත් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ හදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සමග අවි ආයුධ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොඩි ලැසී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී හෙළිවූ කරුණු අනුව මෙම මෙහෙයුම සිදුකර ඇත.

ටී -56 වර්ගයේ ගිනි අවි දෙකක්, රිවොල්ර් දෙකක් සහ පතොරම් තොගයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම හෙරොයින් තොගය සමග අත්අඩංගුව ගැනීමට සමත්ව ඇත.