පාර්ලිමේන්තු දිනයේදී වෙන ගෙවල්වලට නොයා සභාවට එන්න : නවක මන්ත්‍රීවරුන්ට අගමැති ගෙන් උපදෙසක්

August 25, 2020 at 12:48 PM

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමේ දෙදින වැඩසටහන අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

මෙම වැඩමුළුවට සහභාගිවී සිටි මන්ත්‍රීවරුන්ට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන් පසු හා මේ දක්වා සිය පාර්ලිමේන්තු ජීවිතය සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබුවා.

මෙහිදී අගමැතිවරයා නවක මන්ත්‍රීවරුන්ට විශේෂ උපදේශයක් ලබා දුන්නා.

” සමහර මන්ත්‍රීවරුන් ගෙදරින් එනවලු පාර්ලිමේන්තු එනව කියල​, ගෙදරින් අහනකොට පාර්ලිමේන්තුවෙ කියනවලු, එතනත් නැහැලු. ඒ කට්ටිය ඉන්නෙ වෙන ගෙවල්වල. මම හිතන්නෙ ඒකට පුරුදුවෙන්නේ නැතුව පාර්ලිමේන්තු දවස ඒකට වෙන් කරන්න කියල” සිය කතාව අවසන් කරමින් අගමැතිවරයා කියා සිටියා.