ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර රජයේ මුද්‍රණාලයේ දී මුද්‍රණය කරන්න සැලසුම්

August 25, 2020 at 5:57 PM

විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර ඇතුළු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල ඉදිරියේදී රජයේ මුද්‍රණදෙපාර්තමේන්තුව මගින් සිදුකිරිමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහි නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඒ අනුව මුලික පියවර ලෙස විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය පහසුකම් මෙන්ම වැඩපිළිවෙල සකස් කළ යුතු බව ද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට මුද්දර, ජන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කෙරෙන අතර ආරක්‍ෂිත මුද්‍රණ කටයුතු සිදුකරනු ලබනවා.

1989 වර්ෂයේ සිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට රජයේ ආයතන වලින් අයවිය යුතූ හිඟ ආදායම රුපියල් මිලියන 500 කට වඩා වැඩි බව මෙහිදී හෙළිව අත.