උතුරු කොරියානු නායකයා කෝමා තත්ත්වයේ : රටේ පාළනය සොහොයුරියට භාර දෙයි

August 25, 2020 at 7:46 AM

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හදිසියේ කෝමා තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර සිටිනවා.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති කිම් ඩේ- ජුන්ග්ගේ සහායක කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා ගණනාවක් වාර්තා කර ඇති ආකාරයට උතුරු කොරියානු නායකයා මෙලෙස සිහි සුන් වීම හේතුවෙන් රටේ පාලනය තාවකාලිකව ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-​ජොංට පවරා ඇති බවයි.

කිම් ජොන් උන් මෙලෙස කොමා තත්ත්වයට පත්ව ඇති නමුත් ඔහුගේ ජීවිතයට අනතුරක් පවතින්නේද නැන්ද යන්න තවමත් අවිනිශ්චිත බව විදෙස් පුවත් සේවා පවසයි. ඒ අනුව රට අරාජික වීම වැළැක්වීම සඳහා මෙලෙස පාලනය ජනපතිවරයාගේ සහෝදරියට භාරදී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී කිම් ජොන් උන් හදිසියේ අතුරුදන් වූ අතර ඔහුට හෘද සැත්කමක් කරන ලදැයි ද එහිදී අසාධ්‍ය තත්ත්වයට පත්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ඇතැම් විදෙස් මාධ්‍ය ඔහු මියගිය බවද වාර්තා කර සිටියා.

කෙසේ වෙතත් සති තුනක පමණ නිහැඬියාවකින් අනතුරුවව මැයි මාසය ආරම්භයේදී පොහොර කම්හලක් විවෘත කිරීමේ අවස්ථාවකට සම්බන්ධ වෙමින් 36 හැවිරිදි උතුරු කොරියානු නායකයා නැවතත් ජනමාධ්‍ය ඉදිරියට පැමිණියා.