ජංගම දුරකථන අංකය වෙනස් නොකටම සේවා සපයන්නා වෙනස් කිරිමේ අවස්ථාව සැලසීමේ මුලික පියවර ඇරඹේ

August 24, 2020 at 2:29 PM

පාරිභෝගිකයින් භාවිතා කරන ජංගම දුරකථන අංකය වෙනස් නොකට සිය දුරකථන සේවා සපයන්නා තෝරා ගැනීමට හෝ වෙනස් කිරිමට අදාල පාරිභෝගිකයින් හට අවස්ථාවක් ලබාදීමට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිතා කරන සිම් කාඩ් පත් වෙනස් නොකට සිය සේවාදායකයා තෝරා ගැනීමට හැකි වන පරිදි මෙම සේවාව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය මුලික ක්‍රියා මාර්ගයන් ගෙන ඇති බවයි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කරන්නේ.

මිට පෙර අවස්ථාවකදී ද මෙම පියවර ක්‍රියාත්මක කිරිමට උත්සහ කළද එය සාර්ථක නොවූ බවත්, පාරිභෝගිකයින් ගේ පහසුව තකා එම පියවර ක්‍රියාවට නැංවිමට අවශ්‍ය සාකච්ජා අරඹා ඇත.