මව් තුරුලේ නිදා සිටියදි පැහැර ගෙන ගිය සිව්හැවිරිදි දැරිය බේරා ගත් සිවිල් ආරක්ෂක නිලධාරියා ගේ අපුරු උපක්‍රමය

August 24, 2020 at 8:18 AM

ඊයේ (23 ) වෙනි දින අලුයම් කාලයේදී නිවසේ සිය මව සමග නිදා හුන් සිව් හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමට තැත් කිරිමේ පුවතක් අම්පාර, ඉඟිනියාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉඟීනියාගල, ධිවර ගම්මානයේ පිහිටි නිවසක සිය මවත් සමග නිදා හුන් මෙම සිව්හැවිරිදි දැරිය අළුයම 03 ට පමණ නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා.

තමන් සමග ඇඳේ නිදා හුන් දැරිය නොමැති බව වටහා ගත් මව වහාම නිවැසියන් දැනුවත් කොට ගම්වැසියන් සමග එක්වී පොලිසියද දැනුවත් කොට දරුවා සොයමින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ඉගිණියාගල පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිළ නිවසේ රාජකාරියේ යෙදි සිටි සිවිල් ආරක්ෂක බලකායේ උප නියාමක සමිර දුෂ්‍යන්ත ද සිල්වා හට අලුයම 3.30 ට පමන ඉගිනියාගල පොලිස් ස්ථානාධිපති බර්ටි ජයනෙත්ති විසින් දුරකථන පණිවිඩයක් ලබා දෙමින් දරුවෙක් පැහැර ගෙන ගොස් ඇති බවත් ඒ පිලිබදව විමසිල්ලෙන් සිටින ලෙසට දනුම් දී තිබෙනවා.

පසුව සිවිල් ආරක්ෂක බලකායේ උප නියාමක නිලධාරිවරයා මේ පිලිබදව අවධානයෙන් සිටිය අතර ඔවුන් සිටි ඉදිරි මාර්ගයෙන් කුඩා දරැවෙකු ගේ කටහඩක් ඇසි තිබේ. එක්වරම එම හඬ ඇසි නැතිවි ඇති අතර නැවත වරක් එම කටහඩ ඇසුනු විගස තම යතුරැ පැදියට ගෙන ක්‍රියාත්මක නොකර ස්ථානාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට මාර්ගයට දමා තිබේ.

පසුව එම නිලධාරියා එක්වරම යතුරුපැදියේ ලයිට් දමනවිට කුඩා දියණියක් ගමන් කරමින් සිට තිබෙන අතර ඔහු ඉක්මනින් දරුවා වඩාගෙන තිබේ.

එම දරැවා තමන් ගේ නිවස අසල නිවසක දරැවෙක් බව මෙම නිලධාරියා හදුනාගත් අතර දරුවා සිටි ස්ථානය අසල මාර්ගයේ තවත් පුද්ගලයෙක් සිටිය බවට නිරීක්ෂණය කොට ඇත.

කුඩා දරුවා පාරේ යමින් සිටියදි තමන්ට හමුවු බව එම පුද්ගලයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ උප නියාමකවරයාට පවසා තිබේ.

නමුත් මේ දරුවා පැහැරගත් පුද්ගලයා මොහු බව දැනගත් එම නිලධාරියා අපි මේ දරුවා ඒ ගෙදරට ගිහින් දෙමු යමු මාත් එක්ක යැයි එම පුද්ගලයාට පවසා ඇත.

නමුත් එයට ඔහු අකමැති වි ඇති අතර සිවිල් ආරක්ෂක බලකායේ උප නියාමකවරයාගේ ඉල්ලිමට අවනතවි ඔහු දරුවා නිවසට ඇරලවිමට එකගවි තිබේ.

පසුව සිවිල් ආරක්ෂක නිලධාරිවරයා දරුවා යතුරු පැදියේ ඉදිරිපස ඉන්දවා සැකකරැ යතුරුපැදියේ පිටුපස තබාගෙන දරුවාගේ නිවස කරා යෑමට පිටත් වි තිබේ.

ඉගිනියාගල බස් නැවතුම් පල අසලදි පිටුපසින් පැමිනි පුද්ගලයා එක්වරම යතුරු පැදියෙන් බැස දුවගෙන ගොස් ඇති අතර යළිත් එම නිලධාරියා නැවත වතාවක් අපි මේ දරුවා දිලා එමු දැන් නිවස ලගයිනේ මට උදව් කරන්න යනුවෙන් ඉල්ලිමක් කර තිබේ.

පසුව එම පුද්ගලයා නැවත යතුරුපැදියට නැග ඇති අතර ඉගිනියාගල රෝහල අසල බුදුමැදුර අසලදි දරුවා සොයා යමින් සිටි ඉගිනියාගල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගපුර් ඇතුලු පිරිසක් හමුවු අතර වහාම ක්‍රියාත්මකවූ මෙම නිලධාරියා එක්වරම යතුරු පැදිය නවත්ව දරුවා සහ සැකකරැ පොලිසියට භාරදිමට කටයුතු කර තිබේ.

සිවිල් ආරක්ෂක බලාකායේ උප නියාමක සමිර දුෂ්‍යන්ත ද සිල්වා මෙම අවස්ථාවේ ඉතා කල්පනාකාරිව කටයුතු කොට දරුවා පැහැරගත් පුද්ගලයා ගෙන් දරුවා බේරාගෙන සැකකරු ද අල්ලාගෙන පොලීසියට භාරදිමට කටයුතු කිරිම ඉතා උසස් අගය කල යුතුව කරුණක් බවයි ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් නිලධාරින් සඳහන් කළේ.