බාල වයස්කාර දරුවා අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවට

August 24, 2020 at 3:07 PM

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ නිවේදනය කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

එම බාලයස්කාර දරුවා දැඩි මානසික අපයෝජනයකට ද ලක්වී ඇති බව අනාවරණය වී ඇත.

2019 වර්ෂයේ අගභාගයේ දී ක්‍රීඩාංගනයක පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් අතරතුර දිනක රාත්‍රී මෙම දරුවා ඔවුගේ මෝටර් රථයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගිය බවත්, ඒ අවස්ථාවේ දී ඔහු දරුවාට මත්ද්‍රව්‍යයක් මිශ්‍ර බීමක් පානය කිරීමට සලස්වා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බවත් අනාවරණය වී තිබේ