ප්ලාස්ටික් වලට තිත තියන කැබිනට් පත්‍රිකාවක් එයි

August 24, 2020 at 10:09 AM

ප්ලාස්ටික් බිම බට, බෝතල් සහ පිඟන් ආදිය තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් ලබන වසරේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ජයසිංහ ප්ලාස්ටික් සඳහන් කළේ සැශේ පැකට්ටු, බීම බට, බෝතල් සහ පිඟන් මගින් දැඩි පාරිසරික හානියක් ගෙන එන බවයි. මේ හේතුවෙන් මෙවැනි ද්‍රව්‍ය ආනයනය කිරීම සහ නිෂ්පාදනය අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පරිසරයට එක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිරා පත්වීම සඳහා වසර 200 -300ත් අතර කාලයක් ගත වන බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.

ඉදිරියේදී පත්තර වලින් සකස් කරනු ලබන බිම බට සහ පිඟන් සහ විදුරු කෝප්ප ආදිය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා ඔවුන් දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.