තමාගේ නොවන ෆේස්බුක් පිටුවක් ගැන සංගක්කාර ගෙන් නිවේදනයක්

August 24, 2020 at 3:57 PM

“යහපත් ශ්‍රී ලංකාවක් සඳහා කුමාර් සංගක්කාර” යනුවෙන් ඇති ෆේස්බුක් රසික පිටුව තමාගේ නොවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර සිටිනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සංගක්කාර කියා සිටියේ එම රසික පිටුව සම්බන්ධයෙන් ඔහු ගේ හෝ ඔහුගේ හවුල්කාර සංවිධානවලට අයත් එකක් නොවන බවයි.

ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම් සහ ව්‍යාපෘති තොරතුරු සම්බන්ධයෙන් තමාගේ සත්‍යාපිත ෆේස්බුක් පිටුව අනුගමනය කරන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.