මෙරට 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි

August 23, 2020 at 6:32 AM

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්තා වනවා.

නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ IDH රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.