දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕන : තව දුරටත් වහගෙන ඉදලා වැඩක් නැහැ – අධිකරණ ඇමති ( VIDEO)

August 22, 2020 at 3:52 PM

ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට මේ වනවිට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

“සමහර කරුණු සඟවාගෙන ඉන්න බැහැ..මල් වැනි දරුවන්ට ප්‍රශ්නයක් වුණොත් එහි ප්‍රතිවිපාක ජීවිත කාලයටම බලපානවා..එවැනි දේ සම්පුර්ණයෙන් නවතා දැමිය යුතුයි. තවදුරටත් මේවා වහගෙන ඉදලා වැඩක් නැහැ. එම වැඩකටයුතු සිදුකිරීමට එයට අවශ්‍ය නීති ගෙන්න පුළුවන්. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ඇතිව ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේ ප්‍රශ්නය ඒ තරම්ම වැදගත්.

ගොඩක් වෙලාවට මේ අපරාධය සිදුවන්නේ පාරේ යන මිනිස්සුන්ගෙන් නොවේ. ලගින්ම ඇසුරු කරන අය, එක්කෝ ගුරුවරයෙක් එහෙමත් නැත්නම් ඒ දරුවාගේ විශ්වාසය වැඩියෙන්ම දිනාගෙන ඉන්න කෙනාගෙන්. පසුගිය කාලේ විවිධ මතවාද ආවා. නමුත් ඉදිරියේදී සාකච්ජාවකින් අනතුරුව අපි තීරණයක් ගන්න ඕන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න. මේවා තවත් හංගා ගෙන ඉදලා හරියන්නේ නැහැ” යැයි කොළඹදී  පැවති වැඩසටහනකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.