වෛරසයේ අවසානය දකින දවස ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවැකියක්

August 22, 2020 at 11:05 AM

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ අවසානයක් දැකීමට තවත් වසර දෙකක කාලයක් ගත වෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය Tedros Adhanom Ghebreyesus පවසනවා.

මිලියන 50 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක ගේ ජිවිහ බිලිගනිමින් වර්ෂ 1918 දී ලොවපුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ නම් වෛරසයේ ව්‍යාප්තිය අවසන් වීමට වසර දෙකක කාලයක් ගතවූ බවයි මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කර සිටියේ.

වර්ථමාන ලෝකයේ ඇති තාක්ෂණික දියුණුව නිසා වසංගත තත්ත්වය ඊට පෙර අවසන් වීමට ඇති හැකියාවද ඉතා ඉහල බවයි ලෝක සෞඛ්‍ය සන්විධානියා මාධ්‍ය සාකච්ජාවකට එක් වෙමින් අවධාරණය කළේ.

” වසංගත ව්‍යාප්තිය පාලනය කිරිමේ තාක්ෂණික හැකියාව සහ දැනුම අප සතුවන්න පුළුවන්. නමුත් ඊට වඩා ජාතික සමගිය හා ගෝලීය සහයෝගිතාවය ද ඉතා වැදගත්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියා.