අලව්වේ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට

August 22, 2020 at 6:49 AM

කුරුණෑගල – කොළඹ මාර්ගයේ වළකුඹුර ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ මෝටර් රථයේ ගමන් කළ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.