ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩු පාඩු සොයන්න ක්‍රීඩා ඇමති යයි (PHOTOS)

August 21, 2020 at 2:06 PM

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ,ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාර වල පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට අද (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණියා.

ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දුන්නා.

ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අනෙකුත් පහසුකම් වලද තත්ත්වය එසේම විය. මෙවැනි අඩුපාඩු සකස් කරදී ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළට ගෙනඒම පිළිබදව මෙහීදි කතාබහ වී තිබෙනවා.

රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන බවත් ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීමක් බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවයි ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කලේ.