උපන් ගමන් කුරුදුවත්තේ පන්සලක දමා ගිය බිලිඳා (VIDEO)

August 21, 2020 at 7:25 PM

අද (21) උදෑසන කොළඹ ටොරින්ටන්, 60 වත්ත ප්‍රදේශයේ දී අතහැර දමා ගොස් තිබු දිනක් පමණ වයසැති බිළිඳියක් කුරුඳුවත්ත පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අද අලුයම 60 වත්ත ප්‍රදේශයේ පන්සලක් තුළ මෙම බිළිඳිය දමා ගොස් ඇත.

පන්සලට පැමිණි පුද්ගලයෙකුට බිළිඳියගේ හඬ ඇසී ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙන අතර පසුව කුරුඳුවත්ත පොලීසිය පැමිණ බිළිඳිය රෝහල් ගත කර ඇත.

බිළිඳිය දමා ගොස් තිබු ස්ථානයේ තිබූ ඇඳ ඇතිරිල්ලක් ඔස්සේ, පොලිස් සුනඛයින් යොදා අවට පරීක්ෂා කිරීමක් ද සිදුවිය.

නමුත් බිළිඳා දමා ගිය මව පිළිබඳ තොරතුරක් හමුවී නොමැති බව වාර්තා වේ.