නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය : ජනපති සිදුකළ සුවිශේෂි කරුණු 14ක්

August 20, 2020 at 3:37 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට ඉදිරිපත් කරමින් සිටියි.

එහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු කෙටියෙන් මෙසේ දැක්වේ.

1.ජනතා නියෝජිතයින් ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කළ යුතුයි.
2. ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙලේ සාර්ථකත්වය ජනවරමින් තහවුරු වුණා
3. පොරොන්දු වූ පරිදි පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙම ජනවරමට හේතුවක්
4. ජනතා විශ්වාසය ආරක්ෂා කරගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කරනවා
5. නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනවා
6. රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදෙනවා
7. සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරනවා
8. ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා.
9.ඖෂධ ආනයනයේ දී පවතින දූෂණය තුරන් කරනවා.
10.කිසිදු රජයේ ආයතනයකට අනවශ්‍ය පරිදි සේවකයින් බඳවා ගැනීමෙන් වළකිනවා.
11. කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කරනවා
12.විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරමින් උසස් අධ්‍යාපනයට වැඩි අවස්ථාව සලසනවා.

13. නීති කඩ කරන්නන්ට කිසිදු සමාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කරනවා.

14. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට සියලු දෙනා සමග එක්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනවා.