නව කථානායක මහින්ද යාපා අබේවර්ධන : නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය

August 20, 2020 at 9:43 AM

‪09 වෙනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන තෝරා පත් කර ගනු ලැබුවා.

මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාගේ නම කථානායකධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යෝජනා කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර එය ස්ථිර කරන ලදී.

එමෙන්ම නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය තෝරා පත් කර ගනු ලැබුවා.

නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවා.