ක්‍රෙඩිට් කාඩ්, උකස් රන් ණය පොලී පහතට

August 20, 2020 at 9:13 AM

කොරෝනා වසංගතය හමුවේ දුෂ්කර තාවයන්ට මුහුණදී සිටින ජනතාවට සහනයක් වශයෙන් ණය කාඩ්පත්, උකස් රන් ණය සහ තාවකාලික ණය අයිරාවන් සඳහා පනවා තිබෙන පොලී අනුපාතනයන් පහත හෙලීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව කණයවර කාඩ් පත් ( ක්‍රෙඩිට් පත් ) සඳහා වන පොලිය 18% ක්

තාවකාලික ණය අයිරාවන් සඳහා වන පොලිය 16% ක්

උකස් රන් ණය සඳහා වන පොලිය සියයට 10 දක්වා

දඩ පොලි අනුපාතය සියයට 2 දක්වා

පහත හෙලීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.