අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

August 20, 2020 at 5:58 PM

සැප්තැම්බර් මස 01 වෙනිදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරිමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරනය කොට තිබෙනවා.

මිට අමතරව හෙට දිනයේද පසුව අගෝස්තු 27 සහ 28 යන දිනවලදී පෙරවරු 9.30 සිට 6.30 දක්වා රැස්වීමට නියමිතව ඇත.