ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරිමට පංච පුද්ගල කමිටුවක්

August 19, 2020 at 4:06 PM

නව ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත සකස් කිරිම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරිමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම කමිටුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, ජි.එල්.පිරිස් සහ දිනේෂ් ගුණවර්ධන ඇතුලත් වන බවයි අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.