නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අදයි

August 19, 2020 at 7:55 AM

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යයාලයේදීයි.

මෙම වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරනවාද, නැතහොත් ඉදිරි මාස කිහිපය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරිමට නියමිතව තිබෙනවා.

එමෙන්ම කොවිඩ් 19 වසංගතය හමුවේ එය පාළනය කර ඇති තෝරා ගත් රටවල් සඳහා පමණක් ගුවන් තොටුපොළ විවෘත කිරිමෙන් සංචාරක කේෂ්ත්‍රය යළි නගා සිටුවීමේ පළමු අදියර ආරම්භ කිරිම යනාදී කරුණු සම්බන්ධයෙන් ද අද රැස්විමට නියමිත නව කැබිනට් මණ්ඩලය අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.