දැනට පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් 81ක්

August 19, 2020 at 5:24 PM

අභිනව පාර්ලිමේන්තුව සඳහා 2020 මහා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව නවක මන්ත්‍රිවරයන් 65 ක් මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටී.

මීට අමතරව සෑම පක්ෂයක්ම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ලැබෙන ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරු 16 ක් දැනට යෝජනා වී ඇත.

ඒ අනුව සමස්තයක් වශයෙන් දැනට නවවන පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රි සංඛ්‍යාව 81 කි.

එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිවරයා බැගින් හිමි වූවද, එම නම් කිරීම් තවමත් සිදු කර නැති බැවින් හෙට පාර්ලිමේන්තු සභා ගර්භයේ එම අසුන් හිස්ව පවතිනු ඇත.