කලම්බු ඩොක්යාර්ඩ් ආයතනයට නොර්වේ රාජ්‍යයෙන් නෞකා 10ක ඇණවුමක්

August 19, 2020 at 9:56 AM

කලම්බු ඩොක්යාර්ඩ් පිඑල්සි ආයතනය නොර්වේ හි Misje Eco Bulk AS සමාගම සඳහා භාණ්ඩ ප්‍රවාහනය සඳහා නෞකා 06ක් සහ අතිරේක නෞකා 4ක් නිෂ්පාදනය කිරිමට සුදානම්ව සිටින බව නිවේදනයකර සිටිනවා.

මෙම මිටර් 89.5 ක දිගු නෞකාවන් 500 DWT දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරිමේ ධාරිතාවයකින් යුක්ත වන අතර ධාන්‍ය, ලී, බහාලුම් සහ විවිධ භාණ්ඩ ප්‍රවාහනය කිරිමට සැලසුම් කොට ඇත.

මෙම නෞකාවන් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කරනු ලබන අතර මෙහි මුලික සැලසුම් නොර්වේ හී Wartsila Ship Design Norway AS ආයතනය මගින් සිදුවේ. මෙම නෞකාවන් ඩීසල් එන්ජිමක් සහ විදුලි බැටරි පද්ධතියකින් සමන්විත විම මෙහි විශේෂත්වය වේ.

කලම්බු ඩොක්යාර්ඩ් සමාගම විසින් මාස 18 ක් ඇතුලත පළමු නෞකාව භාර දීමට සැලසුම්කර ඇති අතර අනෙක් නෞකා මාස 04ක අන්තරයන් සහිතව සිදුකිරිමට සැලසුම් කොට ඇත.