සිය දරුවන් තිදෙනාව ලිංගිකව අපයෝජනය කළ හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට

August 18, 2020 at 1:01 PM

සිය දියණියන් දෙදෙනාට සහ පුතුණුවන්ට ලිංගික අපයෝජනයන් සිදුකළ යුධ හමුදා සෙබළෙකු කටුගස්තොට පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ යුධ හමුදා සෙබළා ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරකට අනියුක්තව සේවය කළ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුගේ අතින් ලිංගික අතවරයට පත්වු දියණියන් දෙදෙනාම වයස අවුරුදු 12 ට අඩු වන බවත් පිරිමි දරුවා 14 හැවිරිදි වියේ පසුවනවා. සිය පියාගේ හැසිරිම ඉවසා ගත නොහැකි තැන ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කොට ඇත.

මෙම දරුවන් ගේ මවද තම ස්වාමිපුරුෂයා ගේ ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් දැනුවත්ව සිට ඇති නමුත් ඔහුට ඇති බිය නිසා පොලිසියට පැමිණිලි කොට නොමැති බවට සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත.

සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.