පෘථිවියේ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි

August 18, 2020 at 9:19 AM

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි “මරණයේ මිටියාවත” ලෙස හැදින්වෙන Death Valley ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී තිබෙනවා.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙලිසියස් අංශක 54.4 ක අගයක් ලෙස මෙය වාර්තා වූ බවයි.

මිට පෙර 2013 වර්ෂයේදී ද එම ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 54ක අගයක් ලෙස උෂ්ණත්ව අගය සටහන්වුවා.

මිට ශතවර්ෂයකට පෙර එම ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 56.6 ක් ලෙස උෂ්ණත්ව අගයක් වාර්තා වූ බව සඳහන් වුවත් එම කාලගුණ වාර්තාව නිවැරදි නොවන බවයි කාලගුණ විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

අමෙරිකාවේ, බටහිර වෙරළ තීරය හරහා පැමිණෙන තාප තරංග (Heatwave) හේතුවෙන් ඉදිරියේදී උෂ්ණත්ව අගය තවදුරටත් ඉහළ යාමේ අවධානමක් තිබෙන බවයි කාලගුණ බලධාරින් සඳහන් කරන්නේ.