උපාධිධාරි රැකියා දීමේ සිදුවූ බලවත් ආසාධාරණය ගැන පෙරටුගාමි පක්ෂය කරුණු කියයි (VIDEO)

August 18, 2020 at 1:14 PM

රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමේදී ආණ්ඩුව ආසාධාරණ කොන්දේසි පනවා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටිනවා.

අගෝස්තු මස 16 වෙනිදා වනවිට ලිපියක් යොමු කරමින් රජය විසින් මුලික කරුණු 11ක් අනුව රැකියාවන්ට සුදුසුකම් නොලැබෙන අයවළුන් සම්බන්ධයෙන් සිදුකොට ඇත්තේ දැඩි ආසාධාරණයක් බවයි.

එම ලිපිය මගින් ඉකුත් මාර්තු මාසයේදී රැකියාවන් සඳහා තෝරා ගෙන සිටි උපාධිධාරීන් එමගින් ඉවත් කොට ඇති බවයි දුමින්ද නාගමුව මෙහිදී චෝදනා කළේ.

සිය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව පුද්ගලික අංශයේ රැකියාවක නිරතවී සේවක අර්ථ සාධක අරමුදලට දායකත්වය දැක්වූ අයෙක් වේ නම් ඔහු හෝ ඇය මෙම රැකියා ලබා ගැනීමට සුදුසුකම් නොලබන බවට කරුණු දක්වා තිබීම ඊට ඇති හොඳම නිදසුන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීමේ දී ආණ්ඩුව දාලා තියෙන අසාධාරණ කොන්දේසිය..!

Posted by Headline News on Tuesday, 18 August 2020