අද සිට පැයක් විදුලිය කැපේ : පෙරවරුවේත් විදුලිය කැපීමේ අවධානමක්

August 18, 2020 at 5:04 PM

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කර සිටිනවා.

ඒ අනුව දිවයින කළාප 04 කට වෙන් කොට එහි එක් එක් කළාප සඳහා පස්වරු 6 සිට 7, 7 සිට 8, 8 සිට 9 සහ 9 සිට රාත්‍රී 10 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් අවශ්‍යතාවය ඇතිවුවහොත් පෙරවරු කාලයේදීද පැය 1 මිනිත්තු 45 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට සිදුවෙනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය දැනට නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.

පහත Link එක වෙත ගොස් ඉල්ලුම් කළමනාකරණය කිරීමේ කාලසටහන Download කරගන්න. (2020-08-18 දින පල කරන ලදී)
Download: https://bit.ly/349Hi1C

Click the link below to download the load shedding schedule (Published on 18-08-2020).
Download: https://bit.ly/349Hi1C